Arduino කියන්නෙ මොකක්ද?

ඔයාලා ගොඩක් අය දැනටමත් දන්නවා Arduino කියන්නෙ මොකද්ද කියලා. මේ පෝස්ට් එක ලියන්නෙ ඒ අයට නෙවයි. විශේශයෙන්ම arduino ගැන මෙලෝ හසරක් දන්නැති අයට. සමහරු හිතනවා ඇති මේක කන දෙයක් ද කියලා... මෙන්න හොද පැහැදිලි කිරීමක් ආඩුයිනෝ ගැන.




Arduino කියන්නෙ කොටස් තුනක එකතුවක්.

පලවෙනි කොටස තමයි Arduino board එක. මේක circuit එකක්. ඒකෙ තියනවා microcontroller එකක්, power supply කොටසක් සහ serial to ttl convertor කොටසක්. මේ දේවල් ගැන පස්සෙ සවිස්තරව පැහැදිලි කරන්නම්. මේ board එක අපිට අපේ computer එකට හරි phone එකට හරි සම්බන්ද කරන්න පුලුවන්. ඒ සම්බන්ද කරන්නෙ අර microcontroller එක ප්‍රෝගෑම් කරන්න.

දෙවනි කොටස තමයි Arduino software එක. මේකට Arduino IDE එක කියලත් කියනවා. අපිට මේක නොමිලේ download කරලා install කරගන්න පුලුවන් ඔයාගෙ computer එකේ. මේ වැඩේ phone එකෙන් කරන්න යන අයට ardudroid කියලා app එකක් තියනවා. මේ Arduino software එකෙන් කරන්නෙ අපි ලියන කෝඩ් arduino එකට save කරන එක. ඒකට කියන්නෙ code එක arduino එකට upload කරනවා කියලයි.

තුන් වෙනි කොටස තමයි Arduino firmware එක. මේක තියෙන්නෙ අර අපි කලින් කතා කරපු Arduino board එකේ තියන microcontroller එක ඇතුලෙ. මේකෙන් කරන්නෙ අපි Arduino එකට upload කරන code එක Arduino  එකේ නිවැරදිව වැඩ කරන්න උදව් කරන එක. අපි Arduino board එකක් මිලදී ගන්නකොට මේ firmware එක අර microcontroller එකට ගහලා මයි දෙන්නෙ. ඒ නිසා ඒ ගැන අපිට වද වෙන්න දෙයක් නෑ.

ඉතින් ඔයා www.arduino.cc කියන සයිට් එකට ගිහින් download කියන tab එක click කරලා ඔයාගෙ os එකට ගැලපෙන Arduino IDE  එක Install කරගන්න. Android phone එකට නම් ardudroid app එක play store එකෙන් ගන්න පුලුවන්. Arduino board එකක් දැනට නැති අයට online එකක් order කරන්න පුලුවන් ebay, bangood හෝ lankatronics වගේ web site වලින්. සමහර electronic parts විකුනන කඩ වලත් දැන් Arduino විකුනන්න තියෙනවා.

මේ Arduino board එකයි Arduino IDE එකයි තියනවා නම් අපිට Arduino එක අපේ computer එක ආදාරයෙන් ප්‍රෝගෑම් කරගන්න පුලුවන්. ඉතින් දැන් Arduino ගැන මුකුත් දන්ණෙ නැති අය කල්පනා කරනවා ඇති අපි මොකටද Arduino එකක් program කරන්නෙ කියලා!

යාලුවනේ Arduino එකක් program කරන්නෙ අපිට ඒකෙන් අපිට අවශ්‍ය වැඩේ කරගන්න ඕනෙ නිසයි. අපි Arduino software එකේ අපිට arduino board එක වැඩ කරන්න ඕනෙ විදිය ලියන්න ඕනෙ. ඒකට තමයි කියන්නෙ arduino program එක ලියනවා කියලා. මේකට විශේෂ බාශාවක් තියනවා. "C" කියන පරිගනක භාශාවට ගොඩාක්ම සමානකම් කියන භාශාවකින් තමයි අපි arduino එකෙ ප්‍රෝගෑම් එක ලියන්නෙ. ඉතින් ඕක ලියනකොට නීති රීති ගොඩක් තියනවා. ඒව එකින් එක මම ඊලග පෝස්ට් වලින් කියලා දෙන්නම්.

කලින් කතා කරපු තැනට අපි ආයෙ යමු. arduino එකෙන් අපිට මොනවද කරන්න පුලුවන්? මෙන්න උත්තර...

Arduino එකකින් අපිට මොනවා හරි sensor එකක් හෝ කිහිපයක් read කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික් switch එකක් හෝ relay එකක් on / off කරන්න පුලුවන්. Transistor එකක් / mosfet එකක් switch කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් පොඩි lcd එකක් සවි කරලා මොනවා හරි එලියට පෙන්නන්න පුලුවන්, buzzer එකක් හෝ speaker එකක් සම්බන්ද කරලා මොකක් හරි tone එකක් output කරන්න පුලුවන්. මේ වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඒ හැම දෙයක්ම මෙහෙයවන්නෙ අපි ලියන arduino program එකට අනුව තමයි. දැන් ඔයාලට යම් වැටහීමක් එනවා ඇති අපි අපිට අවශ්‍ය විදියට code එක ලියලා input සහ output වලට විවිද බාහිර කොටස් සවි කරහම අපිට අවශ්‍ය පද්දතියක්, එහෙමත් නැත්නම් උපකරනයක් හදාගන්න පුලුවන් මේ Arduino වලින්.

ඉතින් මේ බාහිරව යොදාගන්නා උපාංග Arduino එකට සම්බන්ද කරන්න Arduino එකේ වෙනම pins තියනවා. ඒවා ගැනති ඉදිරි ලිපියකින් කියන්නම්.

මම හිතනවා මේක කියවලා Arduino වලට අලුත් කෙනෙක්ට මේ ගැන ආසාවක් ඇති උනා කියලා. දිගටම එකතු වෙලා ඉන්න. සුබ දවසක්.

Comments

  1. Mata me gena thawa igenaganna oona....mata kiyala dennako....asai igenaganna.please....

    ReplyDelete
  2. Blog එකේ තියන ඔක්කොම tutorial බලන්න. හැමදාම අලුත් post ලියනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Arduino එකෙන් .wav සින්දු අහමු

Arduino IO Pin සමග ගනු දෙනු - Part 2

Arduino Coding පටන්ගමු