පටන්ගන්න හොදම Arduino board එක
වැඩි කතාබහ නැතුව මුලින්ම උඩ ප්‍රශ්නෙට උත්තරය තමයි Arduino UNO කියන වර්ගය.
ඇයි arduino uno bord එකක් අලුතෙන් arduino programming පටන්ගන්න කෙනෙක්ට හොදයි කියන්නෙ?
ඇත්තෙන්ම Arduino uno board එකක් එක්ක වැඩ කරන්න ගොඩක් පහසුයි. ඒකෙ input / output pin 20ක් තියනවා. ඒ වගේම තමයි අපිට මේක program කරද්දි පරිගනකය හා සම්බන්ද කරන්න අවශ්‍ය වෙන usb port එකකුත් මේ arduino uno කියන මාදිලියෙ අන්තර්ගතයි. ඒ වගේම තමයි අපිට කැමති නම් code එක upload කරාට පස්සෙ computer එකෙන් නැතුව මේකෙ තියන power port එකෙන් 9V සිට 12V දක්වා විදුලියක් සපයලා අපේ code එක දිගටම arduino එකේ ක්‍රියාත්මක කරගන්න පුලුවන්. යාලුවනේ... Arduino uno කියන වර්ගයට අමතරව Arduino nano, arduino mega, arduino pro mini, arduino micro, arduino leanado යන නම් වලින් මේ Arduino board වර්ග වෙලදපොලේ මිලදී ගන්න පුලුවන්. ඒවගෙ තියන විවිද විශේශාංග නිසා තමයි ඒවා මේ විදියට වෙනස් නම් වලින් හදුන්වන්නෙ.
ඉතින් මේ Arduino UNO කියන මාදිලිය අපි කලින් කියපු විශේශාංග ම තියන අනිත් arduino මාදිලි වලට සාපේක්ෂව මිලෙන් අඩුයි. අන්න ඒකත් අපිට තියන ලොකුම වාසියක්.
ඔයාලට ඔය photo එකේ පේන්න තියෙන්නෙ Arduino UNO වර්ගයට අයත් clone එකක්.
Clone එකක් කියන්නෙ මොකක්ද?
යාලුවනේ... arduino වල ආරම්බය, ඒ කියන්නෙ arduino වල නිජබිම තමයි ඉතාලිය. ඉතාලියෙ තමයි Arduino නිපදවීම පටන්ගත්තෙ. Genuine arduinoනිපදවන්නෙ ඉතාලියෙ උනාට ලෝකෙ බොහෝ සමාගම් Arduino නමින් original arduino වලට බොහෝ දුරට සමාන Arduino clone (පිටපත්) නිපදවනවා. කෙටියෙන් කිව්වොත් මේ දවස් වල පදුරකට පයින් ගැහුවත් arduino clone ඕන තරම් තියනවා. අන්න ඒ වගේ පිටපතක් තමයි ඔය photo එකේ තියෙන්නෙ. තවත් විශේශ දෙයක් තමයි Arduino කියන දේ open source වීම. Opens source (විවෘත කේත) ඒ කියන්නෙඕනම කෙනෙකුට Arduino board හෝ arduino software එක copy කරලා ඒකට තවත් අලුත් කොටස් එකතු කර (හෝ අඩු කර) අලුත් දෙයක් විදියට එලිදක්වන්න / අලෙවිකරන්න පුලුවන්. ඒකට කිසිම නීතිමය භාදාවක් නැහැ. ඉතින් මේ නිසාම ලෝකයේ ගොඩක් සමාගම් arduino clone විකුනනවා. මේ clone අර original arduino වලට වඩා මිලෙන් ගොඩක්ම අඩුයි. (Original එක $25 වගේ නම් clone එක $4 ක් වගේ තමයි මිල වෙන්නෙ) original සහ clone අතරෙ වැඩි වෙනසක් නැහැ. ඉතින් අපේ වැඩ වලට clone එකක් ගත්තා නම් හොදටම ඇති. Original එකක්ම ගන්න ආස නම් www.arduino.cc site එකට ගිහින් ඒකෙ shop එකෙන් original arduino එකක් order කරන්න පුලුවන්. :)
ඉතින් යාලුවනේ ඔයාලා arduino වලට අලුත් නම් ඔයා arduino uno එකක්ම ගන්න.
අනිත් කාරනය තමයි uno එකෙත් අපේ program upload වෙන microcontroller එක දෙවිදියකට සවි කරපු arduino uno තියනවා.
පලවෙනි වර්ගය තමයි DIP type microcontroller
මේ බෝඩ් වර්ගයේ විශේශත්වය තමයි අර microcontroller එක board එකෙන් ගලවන්න පුලුවන්. ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් ඉදිරියෙදි. මොකද microcontroller එකේ මොකක් හරි අව්ලක් උනොත් ඔයාට arduino board එකම අයින් කරන්නෙ නැතුව අලුත් microcontroller එකක් පහසුවෙන්ම replace කරන්න පුලුවන්.
දෙවනි වර්ගය තමයි SMD microcontroller type
මේකෙ නම් කලින් කියපු පහසුකම නැහැ. ඒත් DIP type එකට වඩා මිල ටිකක් විතර අඩුයි.
කෙසේ වෙතත් මම ඔයාලට යෝජනා කරන්නෙ DIP type එකේ Arduino UNO එකක් ගන්න කියලා. අර කලින් කියූ ප්‍රයෝජනවත් කරුන නිසා.
එහෙනම් යාලුවනේ අදට ලිපිය ඉවරයි. අලුත් ලිපියකින් නැවත හමු වෙමු.

Comments
Post a Comment