3D ප්‍රින්ටරයක් හදමු. #1 හැදින්වීම





සුපිරි භාන්ඩයක් හදන ගමන් ඉන්නෙ යාලොව්...
#arduino_3D_printer

කොහොමද යාලුවො හැමෝටම...
මේ දාපු photos ටිකත් එක්කම මම දැනට මේ කරමින් ඉන්න project එක ගැන විස්තර ටිකක් කියන්න තමයි යන්නෙ.



මේ ඔයාලට පේන්න තියෙන්නෙ දැනට නිර්මානය කරමින් පවතින 3D printer එකක්. ඔයාලා සාමන්‍යයෙන් දන්නවා නේ සාමන්‍ය printer එකකින් අපි කරන්නෙ පරිගනකයේ තියන යම් document එකක් කඩදාසියකට මුද්‍රණය කරගන්න එක. ඒක සාමන්‍යයෙන් 2D printer වලට තමයි අයත් වෙන්නෙ. ඒ කියන්නෙ x සහ y කියන අක්ශ දෙකට සාපේක්ෂව තමයි අදාල මුද්‍රණය සිදු වෙන්නෙ. නමුත් මේ ප්‍රින්ටර් එකේ විශේශත්වය තමයි x, y අක්ශ වලට අමතරව z අක්ශයකුත් අන්තර්ගත වීම. ඒ කියන්නෙ අපිට මේකෙන් පුලුවන් සාමන්‍ය prinout එකක් වෙනුවට ත්‍රිමාන වස්තුවක් මුද්‍රණය කරගන්න. ඒ නිසා තමයි මේකට 3D printer එකක් කියලා කියන්නෙ.

සාමන්‍ය printer වල තියන ink එක වෙනුවට මේ printer එකේ ink එක වෙන්නෙ ප්ලාස්ටික් වලින් හදපු ink එකක්. එම ink එකට කියන්නෙ 3D ink, එහෙමත් නැත්නම් 3D filament කියලා. මේ filament එක spool එකක ඔතලා රෝලයක් විදියට තමයි ගන්න තියෙන්නෙ. මේකෙදි වෙන්නෙ මෝටරයක් භාවිතයෙන් ඉහත කී 3D filament එක 230'C පමන උශ්නත්වයකට රත් වෙන nozzle එකකට තෙරපන එක. එම රත් වන කොටසට කියන්නෙ hot end එක කියලා. කලින් කී තෙරපන මෝටරය සහ ඒ කොටස් වලට කියන්නෙ extruder එක කියලා. ඉතින් මේ hotend එකේදි අර plastic filament එක දිය වෙලා කුඩා නූලක් විදියට පිටතට ගලාගෙන එනවා.

ඒ එන plastic ink එක x, y සහ z අක්ශ වලට එහා මෙහා ගමන් කරවීමෙන් තමයි අපි බලාපොරොත්තු වෙන ත්‍රිමාන වස්තුව print වෙන්නෙ. මේ setup එකේ දි නම් මම ඒකට භාවිතා කරලා තියෙන්නෙ NEMA17 කියන වර්ගයේ stepper motor පහක්. x අක්ශයට එක මෝටරයක්, y අක්ශයට එකක්, z අක්ශයට මෝටර් දෙකක් සහ extruder එකට එක මෝටරයක් යනාදී වශයෙන්.


ඒ වගේම මේ අක්ශ චලනය වෙන්න පුලුවන් සීමාව දක්වන්න limit switch භාවිතා වෙනවා. මේකෙ අදාල අක්ශයේ එහා මෙහා යන කොටස මේ limit switch වල වැදුනම තව දුරටත් ඒ මෝටරය කරකැවෙන්න අවශ්‍ය විදාන පාලක පුවරුවෙන් ලබා දෙන්නෙ නැහැ.

ඒ වගේමයි මේකෙ පාලක පුවරුව විදියට අරන් තියෙන්නෙ custom 3D printer වෙනුවෙන්ම නිපදවලා තියන RMPS1.4. කියන board එක. Arduino Mega board එකකින් තමයි මේ හැම මෝටරයක්ම, heating eliminate එකක්ම පාලනය වෙන්න විදාන සපයන්නෙ.

මේකෙ තව අපේ print එක ගොඩනැගෙන මතුපිට ට කියන්නෙ heat bed එක කියලා. ඒකත් 110'C වගේ උශ්නත්වයකට රත් වෙනවා. hotend එකෙන් එන ink එක heat bed එකට හොදින් බදලා අල්ලගන්න සහ print එක අවසානය තෙක් සාර්තකව print වෙන්න මේ උශ්නත්වය ප්‍රයෝජනවත් වෙනවා.

ඉතින් මේ හැම උශ්නත්වයක් ම සෙන්සර් මගින් මැනලා ඒ අඩු වැඩි වෙන උශ්නත්වය නියත අගයකට තියාගන්නවා ප්‍රදාන පාලක ඒකකයෙන්.

මෙතෙක් අපි කතා කලේ මේ 3D printer එකේ hardware කොටස් ගැන. මේ කියන්න යන්නෙ software කොටස් ගැන.

මේකෙදි arduino එකට අපි ගන්න යන්නෙ දැනටමත් ලොව පුරා custom 3D printer වලට ගන්න open source firmware එකක්. ඒ තමයි merlin firmware එක. ඉතින් අපි මෙතනදි code ලියන්න යන්නෙ නෑ. ඒ firmware එක අපේ printer එකේ තියන parameters වලට අනුව calibrate කිරීම සහ configure කිරීම තමයි සිදු කරන්නෙ.

අනිත් දේ තමයි අපි මේ printer එකෙන් print කරන්න යන ත්‍රිමාන වස්තු පරිගනකය මගින් තමයි මුලින්ම නිර්මානය කරන්නෙ. ඒකට අපිට පුලුවන් ඕනම 3D modeling software එකක් භාවිතා කරන්න. උදාහරණ විදියට 3D Builder, 123D Design වගේ මෘදුකාංග හදුන්වන්න පුලුවන්. ඒ වගේම අපිට අවශ්‍ය ත්‍රිමාන වස්තු වලට අදාල file අන්තර්ජාලයෙන් උනත් download කරගන්න පුලුවන් thingsgive වගේ වෙබ් අඩවි වලින්. ඉතින් මේ විදියට හදාගත්ත 3D model එකක් තමයි අපි මුද්‍රණය සදහා ගන්නෙ.

මෙතනදි තවත් එක් පියවරක් තියනවා. ඒ තමයි අපේ 3D model එක slicing කිරීම කියලා දෙයක් කරනවා වෙනම මෘදුකාංගයක් භාවිතයෙන්. ඒකෙදි වෙන්නෙ 3D model එකේ x, y සහ z අක්ශ වලට අදාල කණ්ඩාංක, ඒ සදහා අක්ශ චලනය විය යුතු ප්‍රමාණයන්, ඒ අක්ශ වල ප්‍රවේග, ත්වරණ, ඒ ත්වරන වෙනස් වීමේ සීඝ්‍රතා, hotend, heatbed වල උශ්නත්ව, extruder එක කැරකෙන්න ඕනි දිශාව, ප්‍රවේගය වගේ ගොඩක් parameters දහස් ගනනකින් සමන්විත gcode කියන වර්ගයේ file එකක් නිර්මානය වෙනවා. ඉතින් මේ වැඩේට අපි ගන්නෙ දැනට වෙලදපොලේ වානිජමය 3D printer එකක් වන ultimaker කියන printer එකේ controlling software එක. ඒකෙ නම තමයි ultimaker cura කියන්නෙ.

අනිත් වැදගත්ම software එක තමයි pronterface කියන එක. ඒක තමයි අපේ පරිගනකය හා 3D printer එක සම්බන්ද කරමින් පරිගනකයේ සිට ප්‍රින්ටරය ට විදාන යවන්නෙ. ඒ වගේම hotend එකේ සහ heat bed එකේ උශ්නත්ව වගේ දේවලුත් මේ pronterface software එකේ පෙන්නනවා.

මෙන්න මෙතනින් පස්සෙ අපි හදාගත්තු gcode file එක කලින් කියපු pronterface software එකට import කරගෙන කෙලින්ම print කරගන්න පුලුවන්.

අනිත් දේ තමයි අපිට අවශ්‍ය නම් අපේ gcode file එක පරිගනකයෙන් sd card එකකට copy කර එය මෙම printer එකට සවි කර පරිගනකය රහිතව print කරන්න උනත් පුලුවන්. එතනදි ප්‍රින්ටරයේ යම් යම් parameters display කරන්න වෙනම LCD එකකුත් මේකට අරන් තියනවා.

ඒ වගේමයි මේකෙ බල සැපයුම විදියට මම අරන් තියෙන්නෙ 12V / 10A power supply එකක්.

ඉතින් මම මේකට අවශ්‍ය හැම කොටසක්ම වගේ ගෙන්නුවෙ ebay, banggood වගේ online store වලින්. ඇත්තටම මේක තරමක් මුදල් වැය වෙන වැඩක්. $200 - $250 කට ආසන්න මුදලක් අවශ්‍ය වෙනවා. ලංකාවෙන් බඩු ටික ගන්න ගියා නම් ඔය වගේ දෙගුණයක් විතර යනවා. මම මේ බඩු ටික ගෙනත් දැනට මාස දෙකක් විතර. හදන්න වෙලාවක් තිබුනෙම නැහැ. ඉතින් මේ දවස් ටිකේ ගෙදරට වෙලා මේක හදාගන්න තමයි උත්සහ කරන්නෙ.

මේක හදන විදිය ගැන tutorial series එකක් මම ඉදිරියට ගෙන එන්න අදහස් කරනවා ඔයාලගෙ අවශ්‍යතාවක් තියෙනවා නම්. ඒ වගේම මේක වැඩ කරන විදිය video එකකුත් දෙන්නම් හැදුවාට පස්සෙ.

දිගටම එකතු වෙලා ඉන්න ආඩුයිනෝ වැඩ කෑලි අපේ facebook group එකත් එක්ක.

සුබ දවසක් හැමෝටම.

Comments

Popular posts from this blog

Arduino එකෙන් .wav සින්දු අහමු

Arduino IO Pin සමග ගනු දෙනු - Part 2

Arduino Coding පටන්ගමු