Arduino UNO එකේ pinout එක
සාදරයෙන් පිලිගන්නවා ඔයාල හැමෝම අලුත් arduino පෝස්ට් එකකට.
අද කතා කරන්නෙ arduno uno board එකේ අපිට වැඩ කරන්න තියන pins (අග්‍ර) ගැන. Arduino එකේ pins ගැන කෙටියෙන් කියනවා නම් අපි Arduino එකට බාහිරින් කිසියම් උපාංගයක් සවි කරන්නෙ මෙන්න මේ arduino pin එකකට හෝ කිහිපයකට.
උදාහරණයක් විදියට අපිට arduino එකට LED එකක් සවි කරලා ඒක On / Off කරගන්න ඕනෙ නම් අපි කරන්නෙ LED එකේ anode pin (+) එක 220 ohm වගේ resistor එකක් හරහා Arduino එකේ pin එකකටත්, LED එකේ cathode (-) pin එක arduino එකේ gnd කියන pin එකටත් සවි කර ගන්න එක. එතනින් පස්සෙ අපිට අවශ්‍ය විදියට code එක ලියලා මේ LED එක control කරගන්න පුලුවන්.
ඉතින් Arduino UNO board එකේ මේ විදියට pins 20ක් බලාගන්න පුලුවන්. ඊට අමතරව +5V pin එක සහ gnd පින් කිහිපයකුත් බලාගන්න පුලුවන්. ඔයාලට ඔය photo එකේ පේන විදියට ඒ pins හැම එකක්ම පැහැදිලිව නම් කරලයි තියෙන්නෙ.
Arduino UNO එකේ මේ pins වලට I/O pins කියලත් කියනවා. I/O කියන්නෙ Input (ආදාන) සහ Output (ප්‍රතිදාන) කියන දේට. මේ pins වල ප්‍රදානම කාර්යය තමයි යම් කිසි signal එකක් Arduino එකෙන් පිට කිරීම හෝ ලබාගැනීම.
මේ pins 20, 0 සිට 13 දක්වාත් A0 සිට A5 දක්වාත් නම් කරලා තියනවා.
මේ හැම pins ප්‍රදාන වශ්‍යයෙන් වර්ග 2ක් තියනවා. ඒ තමයි input pins සහ output pins.
Input pin එකකින් කරන්නෙ arduino එකට යම් කිසි signal එකක් ලබාගන්න එක. උදාහරණයක් විදියට switch එකකින් එන input එකක් මේ pin වලින් arduino එකට ගන්න පුලුවන්. මේ input pin වර්ග දෙකක් තියනවා. ඒ තමයි digital input pin සහ analog input pin. digital input pin එකකින් කරන්නෙ high (1) හෝ low (0) කියන වෝල්ටීයතා මට්ටම් දෙකෙන් එකක් arduino එකට ලබාගන්න එක. ඒ කියන්නෙ යම් කිසි input signal එකක් 5V ද 0V ද කියන දේ හදුනාගන්න පුලුවන් මේ digital input pin වලින්. Arduno uno එකේ ඕනම I/O pin එකක් අපිට පුලුවන් digital input pin එකක් විදියට භාවිතා කරන්න. දෙවනි වර්ගය තමයි analog input pin නමින් හදුන්වන්නෙ. මේකෙදි ඒ pin වලට පුලුවන් 0V සිට 5V දක්වා ඕනම වෝල්ටීයතාවයක් හදුනාගන්න. උදාහරණයක් විදියට 1.5V signal එකක් මේ analog input pin එකකට දුන්නොත් arduino එකට පුලුවන් ඒක 1.5V analog signal එකක් විදියට හදුනාගන්න. A0 සිට A5 වෙනකක් තියෙන්නෙ මේ analog input pins තමයි.
Input pins වලට අමතරව අනෙක් වර්ගය තමයි output pins කියන්නෙ. මේ pin වලින් කරන්නෙ arduino එකෙන් පිටතට යම් කිසි signal එකක් පිට කරන එක. මේ pins වර්ග 2ක් තියනවා digital output සහ analog output (PWM) කියලා. digital output pin එකකින් high (1) හෝ low (0) යන signal දෙකෙන් එකක් තමයි දෙන්න පුලුවන්. ඒ කියන්නෙ 5V හෝ 0V output එකක් පිට කරන්න පුලුවන්. කලින් කියූ විදියට LED එකක් on / off කරන්න ඕනෙ නම් අපිට මේ digital output pin එකක් භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම තමයි analog output pin එකකින් අපිට පුලුවන් LED එකක Brightness එක අඩු හෝ වැඩි කරන්න. මේ analog output pins වලට PWM pin කියලා තමයි බොහෝ වෙලාවට හදුන්වන්නෙ. ඒකටහේතුව තමයි මේ pin වලින් ඇත්තටම output වෙන්නෙ square wave pulse එකක්. ඒ pulse එකේ duty cycle එක අනුව තමයි ඒ pin එක PWM (Pulse Width Modulation) ක්‍රමයට අනුව analog output එකක් නිර්මානය කරන්නෙ. arduino uno එකේ මේ වර්ගයේ pins 6ක් තියනවා. මේ pin වල pin number එකට ලගින් කුඩා ඉරි කෑල්ලක් සටහන් කරලා තමයි තියෙන්නෙ පහසුවෙන්ම හදුනාගන්න. 2, 5, 6, 9, 10, 11 කියන pins තමයි මේ PWM pins arduino uno එකේ.
ඉතින් යාලුවනේ මම හිතනවා ඔයාලට arduino uno එකේ pins ගැන දල අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. අපි තව දුරටත් මේ ගැන ටිකක් කතා කරමු. ඉතින් ඔයාලට කලින් කියපු නීති රීති වලට අනුව pins තෝරාගත් පසුව arduino එකට අපි ලියන code එකෙන් තමයි ඒ pins, input ද output ද කියලා program එකට හදුන්වලා දෙන්නෙ.
ඒකට coding වලදි විශේශිත keyword එකක් තියනවා. ඒක තමයි pinMode කියලා කියන්නෙ. මේ keyword එකට parameters දෙකක් දෙන්න ඕනෙ. පලවෙනි එක තමයි pin එකේ නම. දෙවනි එක තමයි පින් එක input ද output ද කියන එක.
අපි ප්‍රායෝගිකව මේක ටිකක් පුරුදු වෙලා බලමු. මම කලින් කිව්වානේarduino uno එකේ ඕනම pin එකක් digital input එකක් විදියට ගන්න පුලුවන් කියලා. අපි දැන් බලමු arduino uno එකේ 4 වෙනි pin එක input pin එකක් විදියට නම් කරන්නෙ කොහොමද කියලා coding වලදී.
pinMode(4, INPUT);
අපිට analog input ගන්න පුලුවන් A0 සිට A5 pin වලින් විතරයි. මතකයි නේද. අපි A1 pin එක analog input එකක් කරන්නෙ මෙහෙමයි.
pinMode(A1, INPUT);
ඕනෙම pin එකක් digital out එකක් විදියට ගන්න පුලුවන්. මතකයි නේද. එහෙනම් 5 වෙනි පින් එක digital out එකක් කරන්නෙ මෙහෙමයි.
pinMode(5, OUTPUT);
මතක ඇති ඉරි කෑලි ගහපු pins PWM ක්‍රමයට analog output දෙනවා කියලා. එහෙනම් 9 වෙනි පින් එක analog out එකක් කරන්නෙ කොහොමද? මෙන්න මෙහෙම
pinMode(9, OUTPUT);
මෙතනදි ඔයාලට පේනවා ඇති අපි දෙවනි parameter එක ලියන්නෙ INPUT හෝ OUTPUT කියලා විතරයි. ඒක analog එකක් ද digital එකක් ද කියලා තීරනය වෙන්නෙ අපි පලවෙනි parameter එක විදියට දෙන pin එක අනුවයි.
එහෙනම් යාලුවනේ අදට මෙපමනයි. අලුත් ලිපියකින් නැවත හමු වෙමු...
Comments
Post a Comment