Arduino වලදි නැතුවම බැරි Library
හැමෝටම නිරෝගිමත් සුබ දවසක් ප්‍රාර්තනා කරනවා!
ඉතින් යාලුවනේ අද කතා කරන්නෙ arduino library එකක් කියන්නෙ මොකක්ද, ඒ වගේම අපි arduino library එකක් භාවිතා කරන්නෙ කොහොමද කියන දේ ගැන.
මුලින්ම බලමු library එකක් කියන්නෙ මොකක්ද කියලා.
සාමන්‍ය ජීවිතයෙදි library එකක්, එහෙමත් නැත්නම් පුස්තකාලයක් කියන්නෙ අපිට පොත් පත් කියවන්න, සගරා, පත්තර වගේ දේවල් කියවන්න පුලුවන් තැනක්. ඒ වගේමයි පුස්තකාලයක තියෙන්නෙ තවත් කෙනෙක් දැනටමත් ලියපු පොත් පත්. විශේශත්වය තමයි ඒ ලියපු අය අපිට වඩා ප්‍රවීන අය ඒ ඒ ශේත්‍රය වල. ඒ කියන්නෙ අපිට පුලුවන් පුස්තකාලයකට ගිහින් අපි බලාපොරොත්තු වෙන දෙයක් ගැන ක්ශ්නිකව දැනුම ලබාගන්න. ඉතින් arduino library එකක් කියන්නෙත් මෙන්න මේ වගේ දෙයක්. Arduino library එකක් ලියන්නෙ arduino programming ගැන ප්‍රවීන අය. කව්රු හරි නිශ්පාශකයෙක් යම් කිසි sensor එකක් හෝ module එකක් නිශ්පාදනය කල පසු එය හා සම්බන්දයෙන් සාමන්‍ය arduino programmer කෙනෙක්ට උනත් ගනුදෙනු කරන්න පහසු විදියට තමයි මේ library නිර්මානය කරන්නෙ. Arduino library එකක අන්තර්ගතය
වෙන්නෙ බොහෝවිට ප්‍රදාන වශයෙන් file කිහිපයක්.
.h file
මෙතන .h කියන්නෙ මේ file එකේ extension එක. .h වර්ගයේ file එකේ අන්තර්ගත් වෙන්නෙ අදාල library එකෙන් user ට භාවිතා කරන්න ඉඩ දෙන keyword සහ ඊට අදාල variables තමයි. ඉතින් මේ keyword භාවිතා කරලා පහසුවෙන්ම අපිට පුලුවන් අපි code කරන්න යන sensor එක ගොඩදාගන්න.
.cpp file
මේ file එක ඇතුලෙ තියෙන්නෙ කලින් කියපු keyword වලට අදාල coding කොටස් ටික. මේවා ලියන්නෙ ඒ ශේත්‍රය සම්බන්ද pro ලා. සාමන්‍ය අයට තේරුම් ගැනීමට තරමක් අපහසු සංකීර්ණය coding technique භාවිතා කරලා තමයි මේවා ලියලා තියෙන්නෙ. එයාල මේ දේවල් ලියන්න උපයෝගේ කරගන්නෙ අදාල sensor එක හෝ module එකේ datasheet එක, technical specifications වගේ දේවල් තමයි. ඉතින් ඒ සෙන්සරය ආඩුයිනෝ එක හා සම්බන්දය ගොඩනගා ගන්නෙ කොහොමද, සෙන්සරය read කිරීම, සෙන්සරය ආඩුයිනෝ එකෙන් විසන්දි කිරීම වගේ දේවල් තමයි මේ .cpp file එකේ තියෙන්නෙ. Sensor පමනක් නෙවෙයි module සහ shield වලටත් මේක අදාලයි.
Library ගැන තවත් විදියකට කියනවා නම් arduino libray එකක් කියන්නෙ user ට code කරන්න අපහසු coding ගොන්නක් වෙනුවට user ට තනි keyword එකක් ආදේශ කරන්න දීපු අවස්තාවක්. මේ සමහර library, අපි arduino IDE එක install කරද්දිම install වෙනවා. SPI, Wire, WIFI, GSM වගේ Library මේවට උදාහරණ විදියට හදුන්වන්න පුලුවන්.
මීට අමතරව අපිට arduino library එකක් install කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියනවා. එක විදියක් තමයි arduino library manager එක භාවිතයෙන් අපිට පුලුවන් arduino IDE එකට අවශ්‍ය library එක install කරන්න.
Sketch -> Include library -> manage library
අනිත් ක්‍රමය තමයි ඔයාට පුලුවන් අවශ්‍ය library එක අන්තර්ජාලයෙන් .zip file එකක් විදියට download කරලා ඔයාගෙ පරිගනකයේ පහතින් දක්වලා තියන directory එකට paste කරගන්න.
C -> program files -> Arduino -> Library
ඉතින් මේ විදියට install කරගත්තාට පස්සෙ arduino IDE එකේ File -> example කියන තැන ඔයාට ඒ library එකත් සමග ලැබෙන example (උදාහරණ) ටික බලාගන්න පුලුවන්. ඔයා මුලින්ම කරන්න ඕනෙ ඒ example අත්හදා බලන එක. එතනදි ඔයාට තහවුරු කරගන්න පුලුවන් ඔයාගෙ hardware සහ software කොටස් දෙකම, ඒ කියන්නෙ අලුතෙන් download කරපු library එක සහ ඔයාගෙ sensor එක හෝ module එක නිවැරදිව වැඩ කරනවාද කියලා. එතනින් පස්සෙ ඔයාට පුලුවන් ඒ library වල තියන code උනත් ප්‍රයෝජනයට අරගෙන ඔයාගෙ code එක ලියාගන්න.
Library ගැන තවත් විස්තර කිහිපයක් කියලාම post එක ඉවර කරන්නම්.
අන්තර්ජාලයෙන් download කරන ගොඩක් library ඔයාට හොයාගන්න පුලුවන් github කියන website එකෙන්. ඒ වගේම විශ්වාසයෙන් library download කරගන්න පුලුවන් තැනක් තමයි adafruit කියන website එකෙන්. Adafruit කියන්නෙ online store එකක්. ඔයාට ඒකෙන් ඔයාගෙ sensor එක හෝ module එක search කරලා ඒකෙ documents යටතේ අදාල adafruit library එක download කරගන්න පුලුවන්.
ඒ වගේම library download කරද්දි ඒවගේ අලුත්ම update එක ම තෝරලා download කරගන්න. නැත්නම් ඒක arduino IDE එකට වැඩ නොකරන්න පුලුවන්.
ඒ වගේම තමයි Arduino library එකක් කියන්නෙත් open source දෙයක්. ඒ නිසා ඔයාට කැමති නම් ඒ library එකේ අන්තර්ගත දේවල් වෙන්ස් කරන්න පුලුවන්.
ඒ වගේම තමයි අලුත් දේවල් හොයන අය විදියට ඔයාලට කුතුහලයක් තියනවා නම් ඔයාලට පුලුවන් ඒ library එක ලියලා තියෙන්නෙ කොහොමද කියන දේ ටිකක් හොයලා බලන්න, මම අර කලින් කියපු .h සහ .cpp file බලලා.
එහෙනම් අදට ලිපිය ඉවර කරනවා. අනිත් අයටත් බලන්න මේක share කරන්න :)
Comments
Post a Comment