ආඩුයිනෝ එකට Relay Module එකක් අපිම හදමු.


සුබ දවසක් හැමෝටම. අද හදන්න යන්නෙ Arduino එක්ක භාවිතා කරන්න පුලුවන් relay module එකක්.


Relay එකකින් සාමාන්‍යයෙන් සිදු කරන්නෙ කුඩා ධාරාවකින් විශාල ධාරාවක් on / off කිරීම. Relay එකක් කියන්නෙ mechanical component එකක්. මේ තුල චලනය වන කොටස් අන්තර්ගතයි. අපි ලබා දෙන කුඩා ධාරාව මගින් relay එක තුල ඇති විද්‍යුත් චුම්බකයක් ක්‍රියාත්මක වෙනවා. එවිට ඒ අසල සම්බන්ද කර ඇති යකඩ පතුරක් විද්‍යුත් චුම්බක හා ආකර්ශනය වීමටත් කුඩා ධාරාව නැවැත්වූ පසු ඉහත කී ලෝහ පතුර පෙර තිබූ පිහිටීමටත් යැවීමෙන් යාන්ත්‍රික ස්විචයක් on / off කිරීම තමයි relay එකකින් වෙන්නෙ. ඉතින් මේ යාන්ත්‍රික ස්විචය හරහා තරමක් විශාල ධාරාවක් ගමන් කිරීමේ හැකියාව තියනවා. අන්න ඒ ක්‍රමයට තමයි relay එකක් වැඩ කරන්නෙ.

මේ relay විවිද හැඩයන්ගෙන් සහ විවිද V සහ ඒ හරහා යැවිය හැකි A ප්‍රමාණය අනුව විවිද මිල ගනන් යටතේ වෙලදපොලේ මිලදී ගන්න තියනවා. ඒ වගේම කලින් කී විද්‍යුත් චුම්බකයේ වෝල්ටීයතාවය මත 3V, 5V, 6V, 12V, 24V, 230V වැනි relay දැකගන්න පුලුවන්. මෙතනදි මම භාවිතා කරලා තියෙන්නෙ 5V relay එකක්. මේ සදහා 6V relay එකක් උනත් ගන්න පුලුවන්.

අපි මෙතනදි arduino සදහා relay එක භාවිතා කරන්න යන නිසා මේක 5V වලින් වැඩ කරන විදියට සාදාගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම opto-coupler එකක් මගින් arduino එක relay එක හරහා යැවීමට බලාපොරොත්තු වෙන වැඩි ධාරාවෙන් ආරක්ශා කර තිබෙනවා. ඒ වගේම එහිදී ඇතිවෙන noice වලින් arduino එක reset වීමත් මේ ක්‍රමයෙන් වැලකෙනවා. ඔයාලට මේ වෙලාවෙ opto-coupler එකක් නැත්නම් ඉවත දැමූ phone charger එකකින් හෝ smps වර්ගයේ power adapter එකකින් මේ වගේ opto-coupler එකක් හොයාගන්න පුලුවන්.

සාමන්‍යයෙන් arduino එකේ IO pin එකකින් ලබා දෙන්නෙ 5V / 20mA වගේ කුඩා ධාරවක්. නමුත් මේ ධාරාවට relay එකක් ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා BC548 ට්‍රාන්සිස්ටරයක් යොදාගෙන relay එක ක්‍රියාත්මක වීමට අවශ්‍ය තරම් ධාරාවක් ඒ සදහා ලබා දී තිබෙනවා. මෙතනදි transistor එක ස්විචයක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නෙ. මේ සදහා එදිනෙදා භාවිතා කරන ඕනෑම NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරන්න පුලුවන්.

ඒ වගේම පරිපත සටහනේ 1N 4007 diode එකක් relay එකේ 5V pin දෙකට සමාන්තරගතව දාලා තියෙනවා. ඒ වගේම එය තියෙන්නෙ පසු නැඹුරු (Reverse Bias) අවස්තාවේ. මේකට හේතුව තමයි relay එකේ electro magnet (විද්‍යුත් චුම්බකය) හරහා විදුලිය සපයන මොහොතේ සහ විසන්දි කරන මොහොතේ ඒ අවට එම විද්‍යුත් චුම්බකයෙන්ම ඇති කරන චුම්බක ශේත්‍රය (Back EMF - Back Electo Magnatic Field) නිසා එහි කම්බි දගරයේ ප්‍රතිවිරුද්ධ අතට විශාල ධාරාවක් ඇති වෙනවා. මෙම ධාරාව නිසා පරිපතයේ ඇති අනිකුත් උපාංග වලට හානි සිදුවෙන්න පුලුවන්. නමුත් පසුනැබුරු කර යෙදූ ඩයෝඩය නිසා මෙම ධාරාව නැවතත් relay එකේ විද්‍යුත් චුම්බකය හරහාම ගොස් උදාසීන වෙනවා. ඒ නිසයි මේ සදහා reverse biased diode එකක් භාවිතා කරන්නෙ.

මේකට පහත දක්වලා තියන බඩු ටික අවශ්‍ය වෙනවා.

1x 5V Relay
1x BC548 NPN Transistor
1x 817C Opto-Coupler
2x LED (Green, White)
1x 1N4007 Diode
2x 1K Ohm Resistor
1x 220 Ohm Resistor
1x Dot Board

ඒ වගේම බව්ත් එකක් සහ ඊයම් අවශ්‍ය වෙනවා.

හරි. මේ තියෙන්නෙ පරිපත සටහන.

දැන් අපි බලමු පරිපතය වැඩ කරන්නෙ කොහොමද කියලා. අපි මුලින්ම මෙහි VCC සහ GND කියන pin වලට 5V විදුලියක් සපයන්න අවශ්‍යයි. එවිට IN ලෙස නම් කල  pin එකට 0V ලබා දුන් විට opto-coupler එකේ LED එකට විදුලිය ලැබීමෙන් එහි තිබෙන photo transistor එක ක්‍රියාත්මක වෙනවා. එවිට BC548 transistor එකේ base අග්‍රය හරහා කුඩා ධාරාවක් ගමන් කරනවා. මේ නිසා ට්‍රාන්සිස්ටරයේ collector - emitter අග්‍ර හරහා relay එක on වීමට තරම් ප්‍රමාණවත් ධාරාවක් ගමන් කරනවා. මෙවිට relay එක ON වෙනවා. ඒ ආකාරයටම IN pin එකට 5V සැපයූ විට opto-coupler එක ක්‍රියාවිරහිත වී  relay එක off වෙනවා. ඔයාලට වැටහෙනවා ඇති IN අග්‍රය 0V අවස්තාවෙදි තමයි relay එක ON වෙන්නෙ. ඒ කියන්නෙ මේ relay module එක active low වර්ගයේ relay module එකක්. Arduino code එකේදි
digitalWrite(pin, LOW);

ඔය විදියට ලිව්වොත් තමයි Relay module එක ON වෙන්නෙ. (මෙතනදි pin කියන්නෙ relay module එකේ IN කියන අග්‍රය arduino එකට සම්බන්ද වෙන pin එක)

එහෙනම් ඔයාලට දැන් පුලුවන් තමන්ගෙම කියලා relay module එකක් ගෙදරදිම සාදාගන්න. මේ තියෙන්නෙ මම හදපු relay module එක වැඩ කරන විදිය. මම මේකට භාවිතා කරලා තියෙන්නෙ Arduino Blink LED example එක. අවශ්‍ය අය මෙතනින් ඒ code එක සහ wiring diagram එක download කරගන්න.

එහෙනම් හැමෝටම සුබ දවසක්.








Comments

Popular posts from this blog

Arduino එකෙන් .wav සින්දු අහමු

Arduino IO Pin සමග ගනු දෙනු - Part 2

Arduino Coding පටන්ගමු