Arduino සමග Dfplayer මගින් mp3 ගීත play කිරීම


සුබ දවසක් යාලුවනේ... ඉතින් අද ලිපියෙන් ඔයාලට කියලා දෙන්න යන්නෙ Dfplayer mini කියන කුඩා mp3 player මොඩියුලය arduino එකත් සමග භාවිතා කරමින් mp3 sound file play කරන්නෙ කොහොමද කියන එක ගැන. මේ මොඩියුලය භාවිතා කිරීමේ වාසිය තමයි මෙහි මිල ඉතාමත් අඩුයි. ඒ වගේම sound quality එකත් ගොඩක්ම හොදයි.


ඒ වගේම මේ සදහා SD card එකක් අවශ්‍ය වෙනවා අපේ sound file මෙම මොඩියුලය වෙත ලබාදෙන්න.

මෙහි තියන තවත් විශේශත්වයක් තමයි mono හෝ stereo යන ආකාරය දෙකටම speaker එකක් හෝ දෙකක් සම්බන්ද කරගැනීමේ පහසුකම වගේම කුඩා speaker සදහා සුදුසු amplifier කොටසකුත් මෙම මොඩියුලයේ අන්තර්ගතයි.

මේ module එක arduino එක සමග දත්ත හුවමාරු කරගන්නේ Serial Communication හරහා.

අපි බලමු මේ වැඩේට අවශ්‍ය වෙන උපාංග මොනවාද කියලා.

1x Arduino UNO
1x Dfplayer Mini Module
1x SD card
2x Speaker
1x 1K Ohm resister

පරිපතය අටවගන්න පහත රූපයේ දක්වා ඇති ආකාරයට

මෙතනදි අපි arduino එකේ pin 11, dfplayer එකේ RX pin එක විදියටත් arduino එකේ pin 10, dfplayer එකේ TX pin එක විදියටත් භාවිතා කරනවා. ඒ විදියට arduino digital pin වලට serial communication සමග සහය දක්වන්න SoftwareSerial කියන arduino library එක අවශ්‍ය වෙනවා. ඒක සාමන්‍යයෙන් arduino IDE එක install කරද්දි automatically install වෙනවා. ඔයාගෙ IDE එකේ ඒක නැත්නම් මෙතනින් download කරලා install කරගන්න.

අපි 1k Ohm resistor එකක් හරහා තමයි arduino එකේ සිට dfplayer එකට signal යවන tx wire එක සම්බන්ද කරන්නෙ. ඒකට හේතුව dfplayer එකේ rx pin එක 3.3V logic වලින් වැඩ කරන නිසා. අනිත් pin එකට නම් එහෙම resistor එකක් අවශ්‍ය නැහැ.

ඔයාලට මේ රූපයේ පෙන්නලා තියෙන්නෙ dfplayer module එකේ pinout එක.

Speaker සම්බන්ද කිරීමේදී stereo විදියට speaker දෙකක් සම්බන්ද කරනවා නම් කලින් wiring diagram එකේ විදියට සම්බන්ද කරන්න පුලුවන්. mono ආකාරයට තනි speaker එකක් සම්බන්ද කරනවා නම් ඒ speaker එකේ අග්‍ර දෙක module එකේ SPK_1 සහ SPK_2 අග්‍ර වලට තමයි සම්බන්ද කරන්න අවශ්‍ය.

පහත images වලින් බලාගන්න මම ඒක කරපු විදිය.

අපි දැන් බලමු අපේ වැඩේට SD card එක සූදානම් කරගන්නේ කොහොමද කියලා. මම මේකට භාවිතා කලේ 4GB micro SD card එකක්. වෙනත් GB ගනනක එකක් උනත් වැඩේට හරියනවා.

මුලින්ම ඔයාලට play කරන්න අවශ්‍ය mp3 file ටික තෝරාගන්න.

දැන් SD card එකේ mp3 නමින් folder එකක් හදාගන්න.

දැන් ඔයාලා තෝරගත්ත mp3 file ටික මේ folder එකට copy කරගන්න.

දැන් ඒ file ටික "0001", "0002", "0003" ඔන්න ඔය විදියට rename කරගන්න. ඔය විදියට rename කරාම තමයි mp3 ටික නියමිත පිලිවෙලට අපේ mp3 කියන folder එක ඇතුලේ organize වෙන්නෙ. Arduino code එකේදි file play කරන්නෙ මේ organize වෙන පිලිවලට file එකේ index එක අනුව. ඒ නිසා ඔය විදියට mp3 rename කරගන්න අවශ්‍යයි.

මෙන්න මේ විදියට තමයි sd card එකට mp3 file ටික දැම්මාම පෙන්නන්න අවශ්‍ය වෙන්නෙ. මම භාවිතා කරපු sample music ටික අවශ්‍ය නම් ඔයාලා මෙතනින් download කරගන්න.

අපි මේකෙදි භාවිතා කරන්නෙ DFMiniMp3 කියන arduino library එක. ඔයාලා මේ library එක මෙතනින් download කරලා install කරගන්න.

දැන් බලමු Arduino code එක ගැන.

මුලින්ම වැඩේට අවශ්‍ය වෙන SoftwareSerial කියන Library එකයි DfMiniMp3 කියන library එකයි import කරගන්න අවශ්‍යයි. ඊට පස්සෙ මේ library දෙකෙන්ම වෙන වෙනම object දෙකක් හදාගන්න ඕනෙ. මේ දේවල් කරන විදිය ඔයාලට Arduino code එකෙන් බලාගන්න පුලුවන්.

Arduino code එක download කරගන්න මෙතනින්.

setup function එකේදි DfMiniMp3 කියන library එකෙන් හදාගත්තු dfplayer කියන object එක

dfplayer.begin();

මේ විදියට initialize කරගන්න අවශ්‍ය වෙනවා.

ඒ වගේම module එකේ volume එක set කරගන්නෙ මෙහෙම.

dfplayer.setVolume(30);

මේකට 0 ඉදන් 30 වෙනකන් අගයක් දෙන්න පුලුවන්. 30 කියන්නෙ උපරිම volume එක.

දැන් බලමු මේකෙන් mp3 file එකක් play කරගන්නෙ කොහොමද කියලා.

dfplayer.playMp3FolderTrack(2);

ඔය විදියට තමයි වැඩේ කරගන්නෙ. මෙතනදි 2 කියලා හදුන්වන්නෙ ඔයාලාගෙ sd card එක ඇතුලෙ තියන mp3 කියන folder එකේ අපි "0002" කියලා නම් කරපු mp3 file එක. ඔයාලට ඔය parth එකේ තියන "0001" කියන mp3 file එක play කරන්න අව්ශ්‍ය නම් ඒක ලියන්නෙ මෙහෙම.

dfplayer.playMp3FolderTrack(1);

ඒ වගේම තමයි play වෙමින් පවතින mp3 එකක් stop කරන්න,

dfplayer.stop();

ඔන්න ඔය විදියට කරගන්න පුලුවන්.

තවත් විශේශ කාරනයක් කියන්න තියනවා. Mp3 file එකක් play වෙන අතරතුරේදිය arduino code එකේ mp3 එක play වෙලා ඉවර වෙනකන් delay එකක් හිටින්නෙ නෑ. ඒ නිසා අපිට සාමන්‍ය විදියටම අනිත් coding ටික ලියාගන්න පුලුවන්.

මේ තියෙන්නෙ මම මේ විදියට mp3 file play කරපු හැටි ගැන පොඩි video එකක්.

එහෙනම් යාලුවනේ ඔයාලා අලුත් දෙයක් ඉගෙනගන්න ඇති කියලා හිතනවා. අදට ලිපිය මෙතනින් ඉවර කරන්නයි යන්නෙ. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.










Comments

Popular posts from this blog

Arduino එකෙන් .wav සින්දු අහමු

Arduino IO Pin සමග ගනු දෙනු - Part 2

Arduino Coding පටන්ගමු