පන්සලේ පිරිත් දාන්න Arduino Alarm Clock එකක් හදමු - Updated Version with mp3


සුබ දවසක් හැමෝටම. මේ ලිපිය මම ඔයාලට කියලා දුන්න ලිපි දෙකක තියන කොටස් වල එකතුවක්. ඒ නිසා ඔයාලා මුලින්ම ඒ දෙක කියවලා මේක බැලුවා නම් තමයි වඩා හොද.


මෙන්න ඒ ලිපි දෙක
(1) පන්සලේ පිරිත් දාන්න Arduino Alarm Clock එකක් හදමු.

(2) Arduino සමග Dfplayer මගින් mp3 ගීත play කිරීම.

මේ project එකේ තියන විශේශත්වය තමයි අපිට පුලුවන් Alarm 3ක් දක්වා ක්‍රියාත්මක කරගන්න. ඒ වගේම ඒ එක් එක් alarm එකකට අනුරූපව SD card එකක තියන mp3 file එක බැගින් play කරගන්න පුලුවන්. ඒ වගේම relay එකක් තියන නිසා ඔයාලගෙ amplifier එක අවශ්‍ය වෙලාවට විතරක් automatically ON / OFF කරගන්නත් පුලුවන්.

මේකෙ button වැඩ කරන විදිය, Alarm set කරන විදිය සහ time එක set කරන විදිය මම ඉහතින් කියපු (1) වෙනි post එකේ තියන විදියටම තමයි කරගන්නෙ.

Dfplayer එක සදහා mp3 rename කරන විදිය ඔයාලට (2) post එකෙන් බලාගන්න පුලුවන්. ඒ අනුව,

Alarm #1 එකට SD card එකේ "0001" කියන mp3 file එක තමයි play වෙන්නෙ.

අනිත් alarm දෙකටත් ඒ විදියටම "0002" සහ "0003" කියන mp3 වෙන වෙනම් play කරගන්න පුලුවන්.

මේ තියෙන්නෙ වැඩේට අවශ්ය උපාංග ටික පහතින් දාලා තියනවා.
1x Arduino UNO
1x DS3231 RTC Module
1x 16x2 Character LCD Module
1x LCD IIC Driver Module
1x Relay Module
3x Push Button
1x Power Connector
1x Dfplayer Mini Module
1x SD card
2x Speaker
1x 1K Ohm resister
1x 7805 Voltage Regulator

පහතින් පෙන්නලා තියෙන්නෙ SD card එකේ file system එක තියෙන්න ඕන විදිය.

මම මේකට ගත්ත sound file ටික අවශ්‍ය අය මෙතනින් download කරගන්න.

මේ තියෙන්නෙ wiring diagram එක.

අවශ්‍ය arduino code ටික මෙතනින් download කරගන්න.

මම ඔය දේවල් ගැන වැඩිදුර විස්තර කියන්න යන්නෙ නෑ, ඒ දේවල් මම අර කලින් කිව්ව post දෙකේ එකින් එක කියලා දුන්න නිසා.

යාලුවෙක් කියලා තිබුනා කලින් Alarm Clock එකේ button වල පොඩි අව්ලක් තිබුනා කියලා. ඒකටත් විසදුමක් මේකෙදි මම දීලා තියෙන්නෙ. ඔයාලා ඒ project එකේදි install කරපු Button2 කියන library එක අයින් කරලා පහතින් දීලා තියන අලුත් Button2 කියන library එක දාගන්න අවශ්‍ය වෙනවා ඒ අව්ල හරි යන්න.

අවශ්‍ය library ටික මෙතනින් ගන්න.

මේ තියෙන්නෙ මේක වැඩ කරන විදිය දැක්වෙන පොඩි video එකක්.


එහෙනම් අදට ලිපිය ඉවරයි. සුබ දවසක් ඔයාලා හැමෝටම.

Comments

Popular posts from this blog

Arduino එකෙන් LED රටා

3D ප්‍රින්ටරයක් හදමු. #1 හැදින්වීම